19 April 2025


උත්සව සමයේ රථ වාහන නීතිය දැඩි වෙයි



උත්සව සමයේ රථවාහන නීති උල්ලංඝණය කරන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා ශ්වසන පරීක්ෂණ නල කට්ටල එක් ලක්ෂ පනස් දහසක් දිවයින පුරා පොලිස්ථාන වෙත බෙදාහැර ඇති බවයි.

(colombotimes.lk)