ඉදිරියේදී තවත් රටවල් කිහිපයක විදෙස් පුරවැසියන්ට මෙරටට ඇතුළුවීම සඳහා නොමිලේ වීසා පහසුකම් ලබාදෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
ඒ ඊයේ (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
අමාත්‍යවරයා එහිදී කියා සිටියේ මේ වන විට රටවල් 39ක් සඳහා නොමිලේ වීසා පහසුකම ලබාදී ඇති බවත් ඉදිරියේදී තවත් රටවල් කිහිපයකට එම පහසුකම ලබාදීමට තීරණය කර ඇති බවයි.
එලෙස තවත් රටවල් කිහිපයකට එම වීසා පහසුකම ලබාදීම තුළින් නොමිලේ වීසා පහසුකම ලබාදෙන රටවල් සංඛ්‍යාව 40කට වැඩි වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)