හෝමූස් සමුද්‍ර සන්ධියට යුද නෞකාවක් ළඟාවීම යනු සටන් විරාමය උල්ලංඝනය කිරීමක් සේ සලකන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ සටන් විරාමය උල්ලංඝනය කළහොත් ඊට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට එම බලකාය අවධාරණය කර ඇති බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය ඇමරිකානු නාවික හමුදාව විසින් අවහිර කර ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදු කර ඇති පසුබිමක ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.
එම බලකාය වැඩිදුරටත් සඳහන් කළේ මෙම නීතිය යුද නෞකාවලට පමණක් බලපාන බවත් සාමාන්‍ය නෞකාවලට එය බලනොපාන බවයි.
(colombotimes.lk)
