බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන තද සුළං (පැයට කිලෝමීටර 50-60)ක් පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට හමන තද සුළං (පැයට කිලෝමීටර 30-40) ක් පමණ විය හැකි බවයි.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
(colombotimes.lk)