පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට 1 වන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත මෙම අනතුරු ඇඟවීමේ නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ හෙට (19) පෙරවරු 10.00 දක්වා එම අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි.
(colombotimes.lk)