18 May 2025


පොලිස් නිලධාරියෙක්ගේ සේවය අත්හිටුවයි



මඩකලපුව, අයිතමලෙයි පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙක්ගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ බීමතින් රිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ බීමතින් මෝටර් රථයක් ධාවනය කළ අදාළ පොලිස් නිලධාරියා පසුගිය 16වනදා අම්පාර, කාවන්තිස්ස විද්‍යාලය අසලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම පොලිස් නිලධාරියාගේ සේවය ඊයේ (17) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මඩකලපුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)