18 May 2025


යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්



යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන වුවත් එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2014-2022 කාලය තුළදී විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා දැරීමට සිදුවූ පිරිවැය ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් එහිදී විදුලි ගාස්තුවල කිසිඳු වෙනසක් සිදුනොකළ බවත් එම කාලය තුළ ඉන්ධන ගාස්තු, ගල් අඟුරු, අමතර කොටස් සහ නඩත්තු වියදම් ද නිරන්තරයෙන් ඉහළ ගිය බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව යෝජිත විදුලි ගාස්තු සංශෝධනය් අරමුණ වන්නේ අත්‍යවශ්‍ය වියදම් ක්‍රමානුකූලව ප්‍රතිපූර්ණය කරගැනීම, ණය අර්බුදය කළමණාකරනය කිරීම සහ සැපයුම්කරුවන්ට නියමිත කළට ගෙවීම් සිදුකිරීම බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

 
(colombotimes.lk)