colombotimes.lk
සිංහල | English

26 April 2024

Film බලන මීයෙකු යොදාගෙන සිදුකළ අමුතුම පරීක්ෂණය (VIDEO)



ඔබ බලපු රුපවාහිනී වැඩසටහනක් කවදා හරි, කාට හරි විස්තර කිරීමට අවස්ථාවක් ලැබිලා තිබෙනවාද ?

එහෙම අවස්තාවක් ලැබුණා නම් ඒ අවස්ථාව මොන වගේද ?

ඔබට රුපවාහිනී වැඩසටහනේ නරඹන ලද සියලු විස්තර එලෙසම විස්තර කර ගන්නට බැරි වුණා වෙන්න පුළුවන්.

නමුත් ඔබ මෙහිදී සිදුකරන්නේ ඔබ නරඹපු වැඩසටහන මනසින් මෙනෙහි කර ගැනීම සහ එය විස්තර කිරීමයි.

In an example video (top), the mouse can be seen watching a 1960s, black and white movie clip of a man running to a car who opens the trunk. A separate screen (bottom) shows what CEBRA thinks the mouse is looking at, which is a near identical video, albeit a bit more glitchy

මෙම ක්‍රියාවලිය සතෙක් සිදුකළොත් එය කෙබඳු වේවිද ?

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ පරීක්ෂකයින් පිරිසක් විසින් කෘතීම බුද්ධිය යොදා ගනිමින් වැඩසටහනක් සකස් කර තිබෙනවා.

මෙම වැඩසටහන මඟින් සිදු කරන්නේ මොළය මඟින් නිකුත් කරන සංඥා හඳුනා ගැනීමයි.

මෙහි Algorithm නම් කර ඇත්තේ CEBRA ලෙස වන අතර එමඟින් Video වල ඇති නිශ්චිත රාමු වලට, ස්නායු ක්‍රියාකාරකම් සිතියම් ගත කිරීම සිදු කෙරෙනවා.

A team from École Polytechnique Fédérale de Lausanne (EPFL) developed an artificial intelligence (AI) tool that can interpret the rodents

මේ සම්බන්ධයෙන් පරීක්ෂකයින් විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයට මීයෙකු යොදා ගැනීම විශේෂත්වයක් වනවා.

එහිදී පරීක්ෂණයට යොදා ගන්නා මීයාට චිත්‍රපටයක් නැරඹීමට දී ඇති අතර, ඒ ඇසුරෙන් රූපරාමු ප්‍රතිනිර්මාණය කර තිබෙනවා.

(Vimarshana Samarakoon @ COLOMBO TIMES)