ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබාදීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7වනදා සිට ආරම්භ කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ එම වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවාද ඒ අයුරින් විමධ්‍යගත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
ඒ අනූව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ලබාදෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබාදෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබාදෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්හී සේවා සඳහා මහජනතාවට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් Online ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.
(colombotimes.lk)