රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ එක් දියණියක් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (20) බන්ධනාගාර භාරයෙන් මුදාහැර තිබෙනවා.
ඒ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදීයි.
(colombotimes.lk)