13 July 2025

logo

ඉරානය සෙළවෙයි



උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා. 

එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රියේ මෙය සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් (සැතපුම් 23) නිරිත දෙසින් කිලෝමීටර් 10ක් (සැතපුම් 6) ගැඹුරේ මෙය සිදු වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරට ද මෙම කම්පනය දැනී ඇති බවයි. 

(colombotimes.lk)