19 February 2026

logo

ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පොහොට්ටු සාමාජිකත්වය අත්හිටුවයි



ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි. 

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පක්ෂය විසින් දැනුවත් කර තිබියදී ඔහු එයට එරෙහිව කටයුතු කර තිබෙනවා. 

(colombotimes.lk)