colombotimes.lk
සිංහල | English

20 September 2024


බස්නාහිර පළාත් ආදායම් බලපත්‍ර කවුළු අද වැසෙයි



බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුළු අද (20) වසා තිබෙන බව බස්නාහිර පළාත් සභාව පවසනවා.

ඒ ජනාධිපතිවරණයේ මැතිවරණ කටයුතු සඳහා නිලධාරීන් මුදා හැරීමට සිදු වීම හේතුවෙන්.

ඒ අනුව එම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එල්. ඒ. කළුආරච්චි සඳහන් කළේ අද දිනයේ ආදායම් බලපත්‍ර ලබාගත යුතු වාහන සඳහා ජනාධිපතිවරණයෙන් පසු දඩ මුදලකින් තොරව බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

(colombotimes.lk)