22 November 2024


බස්නාහිර පළාත් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දින දෙකක් නවතියි



ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් බස්නාහිර පළාතේ සියලුම ආදායම් බලපත්‍ර නිකුත් කරන කවුළු දින දෙකක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්. එල්. ධම්මිකා කේ විජයසිංහ සඳහන් කළේ එළඹෙන 13 සහ 14 දෙදින එම කවුළු වසා තැබීමට පියවර ගන්නා බවයි.

මහ මැතිවරණයෙන් පසු රාජකාරි අරඹන පළමු දිනයේදී දඩ මුදල් අය කිරීමකින් තොරව අදාළ බලපත්‍ර ගාස්තුව ගෙවා ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව ඇය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

(colombotimes.lk)