03 July 2025

logo

ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයකට තල්මසුන් ගොඩගසයි



ඕස්ට්‍රේලියාවේ ටැස්මේනියා ආතර් ගංගා නගරයට ආසන්න වෙරළට 150කට අධික තල්මසුන් සංඛ්‍යාවක් ගොඩගසා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

මෙම තල්මසුන් අතරමං වී වෙරළ තීරයට ගොඩගසා ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.  

මීට පෙරද මෙම ප්‍රදේශය ආශ්‍රිතව සමූහ වශයෙන් තල්මසුන් ගොඩගසා තිබෙනවා.

(colombotimes.lk)