19 April 2025


මෝදිගේ සංචාරයෙන් පසු අත්අඩංගුවේ සිටි ධීවරයන්ට සිදු වූ දේ



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ තෙදින නිල සංචාරයට සමගාමීව මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයන් 14දෙනෙක් නිදහස් කර තිබෙනවා.

පසුගිය 05වනදා ඉන්දීය අගමැති මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවලින් පසුව මෙම ධීවරයන් පිරිස නිදහස් කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එහිදී ධීවරයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව සහ දිගුකාලීන ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා.

මෙම වසර ආරම්භයේ සිට ඉන්දීය ධීවරයන් 119දෙනෙක් සහ ධීවර බෝට්ටු 16ක් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

සාකච්ඡාවලින් පසුව පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි සඳහන් කළේ ශ්‍රී ලංකා බලධාරීන් ධීවරයන් 11දෙනෙක් හැකි ඉක්මනින් නිදහස් කිරීමට තීරණයක් ගෙන ඇති බවයි.

එමෙන්ම ඉදිරි දින කිහිපයේදී තවත් ධීවරයන් පිරිසක් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.  

(colombotimes.lk)