19 April 2025


ඇමරිකා - චීන වෙළඳ යුද්ධය සමඟ මෙරට රන් මිලට සිදු වූ දේ



ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය සහ අමෙරිකාව අතර උද්ගතවී තිබෙන වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස රන් මිල ඉහළ යමින් ඇති බවයි.

මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිලට සමගාමීව මෙරට රන් මිලෙහිද කැපී පෙනෙන වැඩිවීමක් සිදුවී තිබෙනවා.

ඒ අනුව ඊයේ (11) මෙරට වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 963,169ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කැරට් 24 ග්‍රෑම් එකක මිල රුපියල් 33,980ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

(colombotimes.lk)