30 January 2025


විදුලි ගාස්තු සංශෝධනයේ සහනය පාරිභෝගිකයන්ට ලැබෙයිද?



සංශෝධිත විදුලි ගාස්තුවේ සහනය කර්මාන්තකරුවන් විසින් පාරිභෝගිකයන්ට නිසිලෙස ලබාදෙන්නේද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා සාකච්ඡාවක් අනිද්දා ( 31) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ එම සාකච්ඡාව සඳහා ලංකා වාණිජ මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය, ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳය කැඳවා ඇති බව බවයි.

පසුගිය 17වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ඉදිරි මාස 6ක කාලය සඳහා විදුලි ගාස්තුව සමස්ථයක් ලෙස 20%කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)