colombotimes.lk
සිංහල | English

20 April 2024

පිරිමින් ලෝකයෙන් වඳවන බවට හෙළිදරව්වක්



'Virgin Births' සංකල්පය සමහර සතුන්ට පමණක් සීමා වූ කරුණක් බව නොරහසක්. 

එයට හේතුව වන්නේ සාමාන්‍ය දරු උපතක් සිදුවීමට නම්, පිරිමි සත්ත්වයෙකු සහ ගැහැණු සත්ත්වයෙකු ලිංගිකව එකතු විය යුතු වීමයි. 
 
මීට අමතරව පරීක්ෂණාගාරයක නිර්මාණය කරන ලද ළදරු කළල ගර්භාශයේ තැන්පත් කිරීමෙන් ද දරුවන් බිහිකළ හැකියි. 
 
Virgin births can occur among reptiles, fish and even flies, but what about humans? (stock image)
 
නමුත් පසුගිය දවසක වාර්තා වූ සිදුවීමක් සමඟ පරික්ෂකයින්ගේ අවධානය වෙනත් මාවතකට යොමුව තිබෙනවා. 
 
ඒ, මිනිසා ඇතුළු අනෙකුත් සත්ත්වයින් ලිංගික ක්‍රියාවලියකින් තොරව වර්ගයා බෝ කිරීමේ හැකියාව පිළිබඳවයි. 
 
Virgin Birth
 
මෙයට ප්‍රධානම කාරණාව වුයේ පසුගියදා කොස්ටාරිකා රාජ්‍යයේ විලක ජීවත් වූ ගැහැණු කිඹුල් සත්ත්වයෙකු දැමු බිත්තර වලින් කිඹුල් පැටවුන් බිහිවීමයි. 
 
ඒ අනුව එම ගැහැණු කිඹුලා බිත්තර 14ක් දමා තිබුණා. 
 
වාර්තා වූ අන්දමට මෙම ගැහැණු කිඹුලා වසර 20කට අධික කාලයක් මෙම විලෙහි වාසය කර ඇත්තේ තනිවමයි. 
 
Scientists have found the first known crocodile to produce fertilized eggs on its own (stock image)
 
මෙවැනි සිදුවීමක් වීමේ සම්භාවිතාවය සියයට බිලියනයකින් එකක් ලෙස විද්‍යාඥයින් අදහස් දක්වා තිබෙනවා. 
 
බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක් මේ පිළිබඳව වාර්තා කර තිබුණේ 90 දශකයේ මැද භාගයේ සිට, 'Virgin Pregnancies' බවට පැවසූ දරු උපත් 45ක් පමණ වාර්තා වී ඇති බවයි. 
 
ඒ අනුව සිදුකළ පරීක්ෂණයකදී ඒ සඳහා සහභාගී වූ කාන්තාවන් අතරින් 0.8% ප්‍රමාණයක් තමන් ගැබ් ගැනීමට පෙර ලිංගික ක්‍රියා සිදු නොකළ බව පවසා තිබුණා. 
 
Body Changes During Pregnancy | Live Science
 
නමුත් එය වෛද්‍ය විද්‍යාත්මකව වලංගු නොවූ බවයි වාර්තා වන්නේ. 
 
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පරීක්ෂකයින් පවසන්නේ, 'Virgin Births' නම් සංකල්පයක් මෙන්ම ලිංගික ක්‍රියාවලියකින් දරුවන් පිළිසිඳ ගැනීම යන ක්‍රම දෙකක් පැවතීම ගැටලු සහගත බවයි.
 
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)