ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අද (13) රාත්‍රියේ පැවැත්වෙන ශ්‍රී ලංකා - බංගලාදේශ තරගයේදී සුවිශේෂී වාර්තාවක් අලුත් කිරීමට හැකියාව පවතිනවා.
ඒ අනුව ඔහු අද තරගයේදී ලකුණු 50ක් රැස් කළහොත් T20 තරග රටාව තුළ ලකුණු 2000 සීමාව පසුකර ගිය තුන්වන ශ්‍රී ලංකා පිතිකරු බවට ඔහු පත්වීමට නියමිතයි.
මීට පෙර මෙම කඩයිම පසු කිරීමට කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් සමත්වුණා.
අද තරගයේදී පැතුම් එම කඩයිම පසුකර ගියහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 ලකුණු 2000 සීමාව වේගයෙන්ම පසුකර ගිය පිතිකරුවා බවටද ඔහු වාර්තා වනවා.
මේ වන විට තරග 68කදී පැතුම් නිස්සංක රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1950ක්.
ඊට අර්ධ ශතක 15ක්ද ඇතුළත්.
(COLOMBOTIMES.LK)