අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියම කර තිබෙනවා.
ඒ ඔහු ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුවයි.
වැලි කැණීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා ඊයේ (08) අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් ඔහුව ඇපමත මුදා හැරීමට නියෝග කළා.
කෙසේ වෙතත් එහිදී සැකකරුට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
(colombotimes.lk)