31 March 2025


මීරිගම - කඩවත අධිවේගයේ වැඩ කඩිනම් කරයි



ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (28) පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

එහිදී නුවර - කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම - කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජාතික ආර්ථිකයට එක්කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)