මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්රධාන පක්ෂයකින් ත්රිකුණාමලය දිස්ත්රික්කයට තරඟ කරන අපේක්ෂකයෙක් මනාප ලබා ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල සහ විදුලි බිල්පත් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ත්රිකුණාමලය මැතිවරණ ආරවුල් කළමනාකරණ ඒකකය සඳහන් කළේ මුතුර් - තෝපූර් ප්රදේශයේ ඡන්ද දායකයන්ගේ මනාපය ලබාගැනීම සඳහා ඔහු මෙම උපක්රමය භාවිතා කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවද දැනුවත් කර ඇති බව එම ඒකකය භාර සහකාර තේරීම් භාර නිලධාරී එස්. සුදාහරන් ප්රකාශ කළා.
(colombotimes.lk)