2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ තරග වටයේ පළමු කාණ්ඩයේ යටතේ ඊයේ පැවති තරගය ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.
ඒ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 107කින් පරාජයට පත් කරමින්.
මේ සමඟින් සුපිරි 8දෙනාගේ තරග වටයේ පළමු කාණ්ඩයේ පෙරමුණ කොදෙව් කණ්ඩායමට හිමි වී තිබෙනවා.
ඔවුන් ප්‍රසාද ලකුණු 2ක් සමඟින් ලබාගෙන ඇති ශුද්ධ දල ලකුණු ලබා ගැනීමේ වේගය 5.350ක්.
එමෙන්ම එම කාණ්ඩයේ දෙවන ස්ථානය ප්‍රදාස ලකුණු 2ක් සහ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය 3.800ක් ලෙස පවත්වාගත් දකුණු අප්‍රිකා කණ්ඩායමට හිමි වී තිබෙනවා.
කෙසේ වෙතත් ප්‍රබල ඉන්දීය කණ්ඩායමට හිමි වී තිබෙන්නේ එහි තෙවන ස්ථානයයි.
ඒ ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් සිම්බාබ්වේ කණ්ඩායමට සහ කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2ම ජයග්‍රහණය කළ යුතු වනවා.
දෙවන කාණ්ඩයේ පෙරමුණ මේ වන විට හිමි කරගෙන තිබෙන්නේ එංගලන්ත කණ්ඩායමයි.
එමෙන්ම දෙවන ස්තානය නවසීලන්ත කණ්ඩායමට සහ තෙවන ස්ථානය පාකිස්ථාන කණ්ඩායමට හිමි වී තිබෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහි හිමි වී තිබෙන්නේ අවසන් ස්ථානයයි.
