02 June 2025


ශ්‍රී ලංකාවට ලෝක ආහාර වැඩසටහනෙන් පස් අවුරුදු සැලැස්මක්



ලෝක ආහාර වැඩසටහන විසින් මෙරට තුළ 05 අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව එම වැඩසටහනේ නේවාසික අධ්‍යක්ෂකව සිටි අබ්දුල් රහීම් සිද්ධික් ප්‍රකාශ කළා.

ඒ ඔහු මෙරට වසර 04ක සිය සේවා කාලය නිම කර දිවයිනෙන් පිටත්ව යාමට පෙර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවූ අවස්ථාවේදීයි.

ඩොලර් මිලියන 105ක මුදල මේ වන විටත් ඒ සඳහා යොදාවා ඇති බව ලෝක ආහාර වැඩසටහනේ නේවාසික අධ්‍යක්ෂකව සිටි  අබ්දුල් රහීම් වැඩිදුරටත් කියා සිටියා.


(colombotimes.lk)