ලොව වඩාත් කීර්තිමත් සහ පුළුල් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වන ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ දී කොළඹ විශ්වවිද්‍යාල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීමේ 1,001 ත් 1,200 ත් අතරට පැමිණ තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ ශ්‍රී ලංකාවේ හොඳම තෙවැනි විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබෙනවා.
එම විශ්වවිද්‍යාලය පසුගිය වසරේ (2023) ශ්‍රේණිගත කිරීම්වලදී ඉහළතම විශ්ව විද්‍යාලයක් ලෙස ලැයිස්තුගත කළ අතර මෙම වසරේ කාර්ය සාධනය සැළකිය යුතු ලෙස වැඩි දියුණු වීමත් සමඟ ලෝක ශ්‍රේණිගත කිරීමේ 1,501 වැනි ස්ථානයට පත්වුණා.
මෙහිදී ක්ෂේත්‍ර හතරක් යටතේ විශ්වවිද්‍යාලයක කාර්ය සාධනය මණින කාර්ය සාධන දර්ශක 13 ක් මත පදනම් වන අතර ඉගැන්වීම, පර්යේෂණ, දැනුම හුවමාරුව සහ ජාත්‍යන්තර දැක්ම එම ක්ෂේත්‍ර වනවා.
මෙම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට ලොව පුරා රටවල් 108 ක විශ්වවිද්‍යාල 1,904 ක් ඇතුළත්ව තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පහත සබැඳියෙන් පිවිස ඔබට ලබාගත හැකියි.
(colombotimes.lk)