යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට්ට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළි අධි චෝදනා ගොනුකර තිබෙනවා.
උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි රුපියල් මිලියන 59ක හවුල් ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එලෙස අධි චෝදනා ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඩේසි ෆොරස්ට් වත්කම් ඇති කාන්තාවක් නොවන බවත් ඇය රාජපක්ෂ පවුලේ ආදායමෙන් යැපෙන්නියක් බවත්
විමර්ශනවලදි හෙළි වී තිබෙනවා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මීට පෙරද යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට්ට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කළා.
(colombotimes.lk)