03 July 2025

logo

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා



මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදී තිබෙනවා. 

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කර තිබෙනවා. 

එමෙන්ම ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතීඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් අංක එක මහාධිකරණයේ ලබන 11වනදා කැඳවීමට නියමිත බවද සඳහන් කළා. 

(colombotimes.lk)