31 May 2025


යෝෂිතගේ සහ ඩේසි ආච්චිගේ නඩුවක් කැඳවීමට දින දෙයි



මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාව ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි 11වනදා යළි කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ එම නඩුව අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී නඩුවට අදාළ ලේඛනයක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)