නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හැට පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 40,000ක් අඩංගු දුම්වැටි කාටූන් 200ක් සහ විද්‍යුත් දුම්වැටි 32ක් සමඟ සැකකරුවෙක් අද (26) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන්තොටුපොළ පොලිස් නිලධාරීන් පිරිසක් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන ගාල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු සහ ඔහු විසින් මෙරටට රැගෙන ආ දුම්වැටි සියල්ල වැඩිදුර විමර්ශන සඳහා අද (26) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි.
(colombotimes.lk)
