විදේශ ප්‍රේෂණ මත විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේදී විශාල අවභාවිතයක් සිදු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඒ කෝපා කමිටුවේදීයි.
එහිදී 2024 සැප්තැම්බර් 30වනදා දක්වා ආනයනය කර තිබූ වාහන 921ක් සඳහා සුඛෝපබෝගී බදු නිදහස් සීමාව ඉහළ දැමීම හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රු. බිලියන 2.42ක් බව අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම ප්‍රධාන ආයතන දෙකක් බලපත්‍රලාභීන් 640ක් සඳහා පහසුකම් සපයන ආනයනකරු ලෙස කටයුතු කර ඇති බවද එහිදී හෙළිවී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස සහ මීට අදාළ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන් වෙනුවෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටුව නිර්දේශ කර තිබෙනවා.
(colombotimes.lk)