ඇමරිකාවේ ෆෙඩෙක්ස් ප්‍රවාහන සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක එන්ජිම උඩු ගුවනේදී හදිසි ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිව් ජර්සි ප්‍රාන්තයේ නෙවෝක් ලිබර්ටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කළ යානයේ සුළු වේලාවකින් ගින්න හටගෙන ඇති බවයි.
යානය ගුවන් ගත කිරීමේදී එහි එන්ජිමක පක්ෂියෙක් ගැටීමෙන් ගින්න හටගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.
අනතරුව එම යානය හදිසි ගොඩබැස්සවීමකට ලක් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)