colombotimes.lk
සිංහල | English

05 May 2024

අයහපත් කාලගුණයෙන් උතුරේ පුද්ගලයන් 6,000 කට අධික පිරිසක් අවතැන්



උතුරු පළාතේ පුද්ගලයන් 6,000 කට අධික පිරිසක් මේ වන විට අවතැන්ව සිටින බව වාර්තා වනවා. 

ඒ පවතින අයහපත් කාලගුණය නිසා උතුර සහ උතුරු මැද ඇතුළු බොහෝ පළාත්වල ජලාශ, ගංඟා සහ වැව් පිටා ගැලීම හේතුවෙන්.
 
මුලතිව් ප්‍රදේශයේ ජල ගැලීම්වලට හසුව ආපදාවට පත්ව සිටින සහ නිවෙස්වලට කොටුවී සිටින ජනතාව මුදාගැනීම සහ සහන සැළසීම යුද හමුදාව මැදිහත්ව ක්‍රියාත්මක කරනවා. 
 
උතුරු පළාතට අයත් මුලතිව්හි මුත්තියන් කට්ටු, කිලිනොච්චිය පුදුමුරිප්පු සහ ඉරණමඩු යන ජලාශ වාන් දැමීම හේතුවෙන් ඇතැම් ජලාශවල බැමිවලට හානි වීමේ අවදානමක් ද ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.
 
උතුරු මැද පළාතේ අනුරාධපුර මල්වතු සහ කලා ඔය ඇතුළු ජලාශ රැසක් මේ වන විට පිටාර ගලමින් ඇති බවත් ඒ හේතුවෙන් ඇතැම් මාර්ගවල ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. 
 
රාජාංගය ජලාශයේ වාන් දොරටු 14 ක්, අංගමුව ජලාශයේ වාන් දොරටු 2 ක් සහ නාච්චිදූව වැවේ වාන් දොරටු 6 ක් මේ වන විටත් විවෘත කිරීමෙන් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවදානම් නිවේදන ද නිකුත් කර තිබෙනවා. 
 
එමෙන්ම මහවැලි ගඟ පොළොන්නරු සහ සෝමාවතිය ආදි ප්‍රදේශ කීපයකින් පිටාර ගැලීම නිසා ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
(colombotimes.lk)