22 November 2024


ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍යවල පළ කළහොත් වැඩ වරදියි



2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද පත්‍රිකාව හෝ ඡන්දය සලකුණු කරන අවස්ථාව ඡායාරූප ගත කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියේ එවැනි ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් වළකින ලෙසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් සේ සළකා එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)