12 May 2025


බිනර පුන් පොහෝ දිනය අදයි



ශාසනික සිදුවීම රැසක් සිදු වූ බිනර පුන් පොහෝ දිනය අදට (29) යෙදී තිබෙනවා. 

වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකෙනවා. 
 
භික්ෂූණි ශාසනය ආරම්භ වූයේද අදවන් බිනර පුන් පෝය දිනකයි. 
 
එමෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500 ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයක්. 
 
අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකයි. 
 
එමෙන්ම බුදුන් වහන්සේගේ ළලාට ධාතූන් තැම්පත් කර ඇති සේරුවිල මංගල මහා සෑයේ වාර්ෂික පෙරහැර ද බුදුන් වහන්සේගේ කේෂ ධාතු තැන්පත් කර තපස්ස භල්ලුක දෙබෑයන් ඉදි කළ ගිරිහඬු සෑයේ වාර්ෂික පෙරහැර පවත්වන්නේ ද බිනර පොහොයේදීයී.
(colombotimes.lk)