උතුරු පළාතේ පොලිස් ස්ථානවලට කැබ් රථ සැපයීම සඳහා ඉන්දියාව රුපියල් මිලියන 300ක් ලබා දී තිබෙනවා.
ඒ සඳහා ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සමඟ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (15) අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගිවිසුමට ඉන්දීය මහ කොමසාරිස් එච්. ඊ. සන්තෝෂ් ජා සහ අමාත්‍යාංශ ලේකම් ඩී. ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න අත්සන් තබා තිබෙනවා.
උතුරු පළාතේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මඟින් නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් සහ මහජන ආරක්ෂාව වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
(colombotimes.lk)