11 May 2025


PHOTOS | අධික වේගයෙන් ධාවනය වූ රථයක් කන්දක ගැටෙයි



අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ලිස්සා ගොස් කන්දක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (29) අලුයම 1ට පමණ හැටන් නුවර ප්‍රධාන මාර්ගයේදී, හැටන් කොටගල ඉන්ධන පිරවුම්හල අසලදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේදී එහි සිට ඇත්තේ රියදුරා පමණයි.

අනතුරෙන් මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇති නමුත් රියදුරාට අනතුරක් නොමැති බවයි හැටන් පොලිසිය පැවසුවේ.

එමෙන්ම හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් රථවාහන ධාවනයේදී සැළකිලිමත් වල ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.
(colombotimes.lk) 

No description available.
No description available.
No description available.
No description available.
No description available.