17 July 2025

logo

රෝගාතුරව සිටින භාතිය ඇත් රජුගේ දැන් තත්ත්වය ගැන දැනුම්දීමක්



රෝගාතුරව සිටින භාතිය හස්තියාගේ සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණ සලකා බලා ඉදිරි ප්‍රතිකාර කටයුතු ආරම්භ කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි පවසනවා.

ඔහු කියා සිටියේ මේ වන විට සිදු කර ඇති රුධිර පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ඇතාගේ පෝෂණ තත්ත්වය වඩාත් දුර්වල තත්ත්වයක පවතින බවයි. 

මේ අතර භාතිය හස්තියාගේ ඉදිරි කටයුතු තීරණය කිරීම සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු අංශ ප්‍රධානි මහාචාර්ය අශෝක දංගොල්ල අද (06) එම ස්ථානය නිරීක්ෂණයකට එක්වී තිබෙනවා.

මේ වන විට අදාළ හස්තියා සිටින වතුර වලේ වතුර ඉවත් කිරීමේ කටයුතු අද (06) සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඉදිරි දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව මහව පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වලක ඇද වැටී සිටින භාතිය හස්තියා බේරා ගැනීම සඳහා මේ වන විට අංශ කිහිපයකින් කටයුතු කරමින් සිටින අතර මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ යුද හමුදාව ද ඒ සදහා එක්ව සිටිනවා.

මේ වන විට එම ඇතාගේ තත්ත්වය අසාධ්‍ය මට්ටමක පවතින අතර හස්තියාට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර ලබාදීමට මේ වන විට උපදෙස් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)