19 April 2025


මෙරට ආර්ථිකය වේගයෙන් යළි යථා තත්ත්වයට



මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි ප්‍රගතිය පෙන්වා දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ විසින් එහි මුඛ්‍ය ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 (AER 2024) ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වා තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 සාර්ව ආර්ථික සංවර්ධනය, මූල්‍ය පද්ධතිමය කොන්දේසි, මහ බැංකුවේ ප්‍රතිපත්ති සමාලෝචනය සහ සාර්ව ආර්ථික ඉදිරි දැක්ම යන ප්‍රධාන පරිච්ඡේද 4කින් සමන්විත බවයි වාර්තා වන්නේ.

මෙම සමාලෝචනයට අනුව වසර 2කට පෙර අත්විඳින්නට සිදු වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව 2024 වසරේදී සැලකිය යුතු ලෙස යළි යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකය අභියෝග මධ්‍යයේ වුවද ණය බරින් පීඩාවට පත් අනෙකුත් බොහෝ රටවලට වඩා වැඩි වේගයකින් යළි යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයට පිවිස ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)