colombotimes.lk
සිංහල | English

04 May 2024

ලෝක කුසලානයට ඇමෙරිකාවෙන් ක්‍රිකට් පිටියක්



එළඹෙන ජූනි මස  2 වනදා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පසු දින එනම් ජූනි මස 03 වනදා සිට තරග පැවැත්වීමට Nassau County Inte ational Cricket Stadium නැමති නිව්යෝක් ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී 34,000 කට එකවර තරග නැරඹීමේ හැකියාව පවතිනවා.

මෙම ක්‍රීඩාංගණයේ මාසයක ප්‍රගතිය ඊයේ (6) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මුල්වරට එළිදක්වනු ලැබුවා.

(colombotimes.lk)