ඉරිදා දිනයේදී දහම් පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ සාමාන්‍යපෙළ සහ උසස්පෙළ හැර අනෙකුත් ශ්‍රේණිවලට උපකාරක පංති පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක පවසනවා.
ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ආගමික නායකයන්ගෙන්ද විවිධ ඉල්ලීම් ලැබී ඇති බවයි.
මේ පිළිබඳව අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා සිදුකරමින් පවතින බවත් ඒ අනුව සුදුසුම පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ මේ අතර පෞද්ගලික උපකාරක පංති නියාමනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිඳු ප්‍රතිපත්තියක් මේ වන විට ක්‍රියාත්මක නොවන බවයි.
(colombotimes.lk)