14 June 2025


බේකරි නිෂ්පාදනවල මිල ගැන තීරණයක්



විදුලිය ගාස්තුව 15%කින් ඉහළ දැමීමට සාපේක්ෂව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන සදහන් කළේ ඉහළ ගිය විදුලි ගාස්තුව නිෂ්පාදන පිරිවැයට එකතු වුවත් මෙම අවස්ථාවේ එයට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ අදහසක් නොමැති බවයි.

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් නොකරන ලෙස බේකරි හිමිකරුවන්ගෙ​න් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)