දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක් හෙට (07) සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව හෙට දිනයේදී දිවයිනේ සෑම පරිශ්‍රයක්ම පරික්ෂාවට ලක් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.
ගත වූ දින හතර තුළ ඩෙංගු රෝගීන් 676 දෙනකු පිළිබඳව වාර්තා වූ බව එම මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා.
මේ අතර ඩෙංගු රෝග වැළැක්වීම සහ පාලනය කිරීමට අදාළ මහජන ඇමතුම් සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ 011- 7 966 366 යන අංකයයි.
(colombotimes.lk)