08 June 2025


අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් නව සොයා ගැනීමක්



අඟහරු ග්‍රහයා මත විදුලි බලය උත්පාදනය සහ ගබඩා කිරීමේ ප්‍රගතියක් අත්පත් කර ගැනීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබෙනවා. 
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙහිදී අඟහරුගේ වායු ගෝලය එලදායී ලෙස සංවර්ධනය කිරීම සහ භාවිත කිරීමෙන් අනාගත පරම්පරාවේ අභ්‍යාවකාශ බලශක්ති පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් තීරණාත්මක පියවරක් ළඟා කර ගෙන ඇති බවයි.
 
මෙම දිගු කාලීන පර්යේෂණය හරහා අනාගතයේදී වෙනත් ග්‍රහලෝක මත බලශක්ති සැපයුම සහතික කිරීම සොයා බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)