08 June 2025


බන්ධනාගාර කොමසාරිස්ගෙන් CIDය ප්‍රශ්න කර‍යි



වෙසක් උත්සවය වෙනුවෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
 
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙම සිරකරුවන් නිදහස් කිරීම අතරතුර නීති විරෝධී ලෙස සිරකරුවන් පිරිසක් නිදහස් කර ඇති බව අනාවරණය වෙමින් පවතින බවයි.

මේ අතර වෙසක් පෝය දිනයේ පොදු සමාව ලබාදීමේ වැඩසටහන අනුව නිදහස ලබා දුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිපදෙනෙක් වෙත අනීතික ලෙස සමාව ලබාලී ඇති බවයි වාර්තා වන්නේ. 
  
(colombotimes.lk)