මෙම දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිරයාම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුළ ලියනපතිරණ පවසනවා.
ඔහු සඳහන් කළේ බස්නාහිර පළාත තුළ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක 2 තුළ මෙම රෝග වැඩි වශයෙන් පැතිරෙන බව අනාවරණය වී ඇති බවයි.
චිකුන්ගුන්යා සහ ඩෙංගු රෝගයේ මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන විට හැකි බවත් දින 2කට වැඩි කාලයක් අදාළ රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවී අදාළ ප්‍රතිකාර ලබා ගත යුතු විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළා.