colombotimes.lk
සිංහල | English

21 September 2024


අවුරුදු ගීතය විකෘති කළ පුද්ගලයා රිමාන්ඩ්



ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘති කළ බවට සැක කෙරෙන සුරාබදු නිලධාරියා ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

ඒ, සැකකරු ඊයේ (17) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය විසින්.

අවුරුදු සමයේ නිරන්තරයෙන් විකාශය වන 'සූර්ය මංගල්‍යය' ගීතය එලෙස විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්.
(colombotimes.lk)