29 July 2025

logo

වැඩිහිටි දීමනාව බැංකු ගිණුම් වෙත බැර වෙන දිනය මෙන්න



ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට (30) අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබෙනවා.

ඒ අනුව රුපියල් 3,003,840,000ක මුදලක් ප්‍රතිලාභීන් 600,768ක් අතරේ බෙදාහැරීමට නියමිතයි.

එමෙන්ම අදාළ ප්‍රතිලාභීන්ට හෙට සිට තමාට හිමි මුදල අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකි බවද සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)