31 March 2025


මැතිවරණ ආශ්‍රිත පැමිණිලි 3ක් පොලීසියට



පසුගිය දින 2 තුළ මැතිවරණ ආශ්‍රිත පැමිණිලි 3ක් ශ්‍රී ලංකා පොලීසියට ලැබී තිබෙනවා.

ඒ අනුව හොරණ ප්‍රදේශයෙන් පසුගිය 26වනදා මැතිවරණ ප්‍රචණ්ඩත්වයට අදාළ පැමිණිල්ලක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මඩකලපුවේ වල්ලච්චේන ප්‍රදේශයෙන් 26වනදා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිල්ලක් වාර්තා වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (27) මොණරාගල ප්‍රදේශයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිල්ලක් වාර්තා වූ බවයි. 

(colombotimes.lk)