දුම්රිය 2ක් එකම දුම්රිය පිල්ලේ එකම දිසාවට අද (05) ධාවනය වී තිබෙන බව වාර්තා වනවා.
ඒ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන්.
ඒ අනුව අද පෙරවරු 9.45ට පමණ පානදුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 328 දරන මන්දගාමී දුම්රියට පානදුර, මොරටුව අතර ප්‍රදේශයේදී ඉදිරියට ධාවනය වීම සඳහා එම සංඥා කුලුනේ කොළ පැහැති සංඥාව ලැබී තිබියදී තවත් දුම්රියක් එම දෙසටම ධාවනය වී ඇති බවයි වාර්තා වන්නේ.
පානදුර සහ මොරටුව අතර සංඥා දෝෂයක් පිළිබඳව තමාට තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර අදාළ දෝෂය නිවැරදි කරන ලෙසට උපදෙස් දුන් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළා.
(colombotimes.lk)